රිෂාඩ් රෝහලේ සිට CIDයට

Crime sri lanka child harresment Badurdeen
By Sithumi Jul 24, 2021 11:23 AM GMT
Sithumi

Sithumi

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියදී පසුගිය 17 වනදා රෝහල්ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අද (24) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියේය.

ඒ කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණු ප්‍රතිකාරවලින් අනතුරුවය. රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ඒ මහතාව එලෙස පසුගියදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. 

මේ අතර මන්ත්‍රීවරයා විසින් තමන්ව මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.   

කෙසේවෙතත් ඔහු පිළිබඳව සිදුකරන පරීක්ෂණ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය.