ඉෂාලිනි ගේ සිරුර ගොඩගන්න අවසර

By Wasantha Jul 27, 2021 06:25 AM GMT
Wasantha

Wasantha

Report

මේ වන විට ඩයගම ප‍්‍රදේශයේ පිහිටි සුසාන භූමියක භූමදාන කර ඇති රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය 16 හැවිරිදි ජූඞ් කුමාර් ඉෂාලිනි දැරියගේ මෘත ශරීරය ගොඩගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා අවසර ලබාදෙන ලෙසට පැමිණිල්ල කළ ඉල්ලීමට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී අවසර ලබා දුන්නාය.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳ, ඇගේ පියා, සහෝදරයා සහ තැරැව්කරු ලබන  9 වැනිදා දක්වා රක්‍ෂිත  බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (26 දා) පස්වරුවේ නියෝග කළාය.

එකී පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම සඳහා ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් පත්කරනා ලෙසටද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝග කළාය.

එම දැරියව මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසට රැගෙන පැමිණ ඇති පළමුවන සැකකාර තැරැුව්කරු එමඟින් විශාල වශයෙන් මුදල් උපයාගෙන ඇති බවටත් දෙවන සැකකාර රිෂාඞ් බදුර්දීන්ගේ බිරිඳගේ පියා හිතාමතාම එකී ගිනි ගැනීමට අදාළ සිද්ධීන් ගැන තොරතුරු වසන්කර ඇති බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු අනුව තම අධිකරණයට පෙනී යන්නේ යැයි පෙන්වා දෙමින් විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

ගිනි ගැනීමට ලක්වූ නිවසේ සිට විනාඩි 15-20 ක කාලයක් ඇතුළත එම දැරියව රෝහල්ගත කිරීමේ හැකියාව තිබියදීත් ඒ සඳහා පැය 1 1/2 කට අධික කාලයක් ගතවී ඇති බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ කරුණු දැක්වීම් හා තම අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන අනුව පැහැදිලි වන්නේ යැයිද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය.

එමෙන්ම දෙවන සැකකාර රිෂාඞ් බදුර්දීන්ගේ මාමණ්ඩිය එම දැරියගේ පියා සහ ඇගේ සහෝදරයා මගින් එකී මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් කිරීමට උත්සාහ දරා ඇති බවත් එකී මරණය සහ සෙසු සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන සංකීර්ණ විමර්ශන අවසන් නොමැති අවස්ථාවකදී ඇප ලබාදීමෙන් සමාජයේ යම් බලයක් සහිත පුද්ගලයන් වන සැකකරුවන්ට එකී විමර්ශනවලට බලපෑමක් කිරීමට හා සාක්‍ෂි අතුරුදන් කිරීමට ඉඩ ප‍්‍රස්ථා පවතින බව තම අධිකරණයටද පෙනී යන්නේ යැයිද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය සිය නියෝගය මගින් පෙන්වා දුන්නාය.

එම දැරියගේ මරණය සම්බන්ධයෙන් දැනට පවතින සාක්‍ෂි අනුව එම නිවසේ ගෘහමූලිකයා වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතාවද එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට පැමිණිල්ල නුදුරේදීම පියවර ගන්නා බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එකී මරණය වෙන් වෙන්ව සිදුකළ මරණයක් නොව රිෂාඞ් බදුර්දීන් පවුලේ සියලූ දෙනාගේ සහභාගීත්වය හා අනුදැනුම මත සිදුවූවක් බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.

එම දැරිය රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ සේවය කළ මාස අටක කාලය තුළදී ඇගේ මව හා පියා ඇය දැකගැනීමට අවස්ථා තුනකදී එම නිවසට පැමිණ ඇතත් සැකකරුවන් එකම අවස්ථාවක හෝ ඇයව හමුවීමට ඉඩදී නැතැයිද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම දැරියගේ මරණය සිදුවීමට පෙර ඇයට පහරදීමක් සිදුවී ඇතත් ශරීර ලක්‍ෂණ අනුව ඇගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඒ පිළිබඳ අවධානයක් යොමුකර නොමැති බවද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

රිෂාඞ් බදුර්දීන් නිවසේ සීසීටීවී 8 ක් සවිකර ඇතත් ඉන් හයක්ම අකී‍්‍රය බවට නිවැසියන් පවසන බැවින් එකී යන්ත‍්‍රවල දත්ත මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමුකර මකා දමා ඇති දර්ශන නැවත ලබාගැනීමට නියෝගයක් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම ඉල්ලීමට ද අවසර ලබා දුන්නාය.

මාස අටක් සේවය කළ එම දැරිය පසුගිය 3 වැනිදා ගිනි ගැනීමට ලක්වී ඇත්තේ පෙරවරු 6.45 ට පමණ වුවත් ගිලන් රථයක් පැමිණ ඇයව පෙරවරු 8.30 ට රෝහලට රැුගෙන යනතුරුම නිවැසියන් කුමක් කළේ දැයි සොයා බැලිය යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. ඇයට නවාතැන් ගැනීමට ලබාදී ඇත්තේ වැදගත් නිවසක ඇති කරන සතෙකුටවත් නොදෙන ආකාරයේ අඳුරු කුටියක් බව ද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නිවැසියන් පහරදෙන බවට ලැබුණ තොරතුරු අනුව එම දැරියව නැවත නිවසට රැුගෙන යෑම සඳහා ඇගේ මව පැමිණීමට නියමිතව තිබූ දිනයට දින තුනකට පෙර ගිනි ගැනීම සිදුවී ඇතැයි අධිකරණයට පෙන්වා දුන්නේය.

එම ගිනි ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් හා සෙසු නිවැසියන් ලබාදෙන සාක්‍ෂිවල දැඩි පරස්පරතාවයක් පවතින්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා එකී මරණය සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශන ආරම්භ වූයේ නීතිපතිවරයාගේ මැදිහත්වීම හා අධික්‍ෂණයට ලක්වීමෙන් අනතරුව වන්නේ යැයි ද අධිකරණයට පැවසීය.

එම දැරිය ගිනි ගැනීමට ලක්වී රෝහල්ගත කළ පසු ඇය බැලීමට පැමිණි ඇගේ සොහොයුරාට රිෂාඞ් බදුර්දීන් නිවසේ රාජකාරිය කළ පොලිස් නිලධාරියකු ‘අපි එයාව ඕනකමින් පිච්චුවේ නෑ මොකක් හරි වදරක් වෙන්නැති. ඒවා දුරදිග ගෙනියන්න එපා යැ, අපි කතා කරලා බේරගමු’ යනුවෙන් පවසා ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රිෂාඞ්ගේ මාමණ්ඩිය ඇයව රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 18 ක සිංහල ජාතික දැරියක් බව හ`ගවමින් බවද පැවසීය.

වතුකරයේ පවුල්වල පිරිස් මෙහෙකාර සේවය සඳහා යොමුවීම මෑතකදී සිට සිදුවන්නක් නොව අතීතයේ සිට සිදුවන දෙයක් වන බැවින් එකී දැරිය මෙහෙකාර සේවයට යෙදවීම එතරම් බැ?රුම් ලෙස සැලකිය යුතු කරුණක් නොවෙන්නේ යැයි පළමුවන සැකකාර තැරැුව්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ මහතා අධීකරණයට පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයාට පහරදී බලහත්කාරයෙන් ලේඛනවලට අත්සන් කළ බව ඔහු තමාට පැවැසූ බව හතරවන සැකකරු වන රිෂාඞ් බදුර්දීන්ගේ බිරිඳගේ සොහොයුරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එච්. ජී. හුසේන් මහතා අධිකරණයට පැවසීය. එබැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට ප‍්‍රකාශයක් ලබාදීමට අවසර ලබාදෙන ලෙසද නීතිඥ හුසේන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. රෝහල්ගත කළ පසු එම දැරිය බොරැුල්ල පොලිසියේ පොලිස් නිලධාරීන්ට මාව චුට්ටක් උස්සන්න.

අනේ මට ගහන්න එපා, ඇයි ඔය ෆෝන් එක යන වචන කිහිපය පවසා ඇති බවට අනාවරණය වී ඇතත් ඒවා විමර්ශන නොම`ග යැවීමේ අරමුණින් සටහන් කළේ දැයි සැකයක් පවතින බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

මෙකී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ දේශපාලන හේතූන් මුල්කරගෙන වන බැවින් සිය සේවාදායිකාව ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිය නියෝජනය කළ ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා එහිදී දීර්ඝ ලෙස අධිකරණය හමුවේ කරුණු දැක්වීය. එකී විමර්ශන අධීක්‍ෂණ කටයුතු සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ළමා හා කාන්තා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියන් පිරිසක්ද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now