දින 90ක් රඳවා ගැනීමේ නියෝගයක් (VIDEO)

By Wasantha Apr 27, 2021 08:51 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා හා ඔහුගේ සහෝදරයාව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලැබී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් අනාවරණය කළා. පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා මෙයට පෙර අවසර ලබාදී තිබු අතර එම කාලය අද පෙරවරුවෙන් අවසන් වු අතර ඉන් අනතුරුව මෙලෙස දින 90ක් රඳවා තබාගැනීමට අනුමැතිය ලබාගෙන තිබෙනවා. ත්‍රස්‌තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා..