රිජ්වේ ළමා රෝහලට පැමිණෙන අයට දැනුම්දීමක්

RIDGEWAY HOSPITAL PATIENT VISIT DR.J.WIJESOORIYA FIFTEEN SECOND APPOINMENT
By Sewvandhi Apr 24, 2021 11:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණෙන වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දවසේ එක් අවස්ථාවකදී පමණක් රෝගීන් බැලීම සඳහා එක් අයෙකුට අවස්ථාව හිමි වේ.

එය විනාඩි 15 කට සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ,

"නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම අපි සම්පූර්ණයෙන් ලබාදී තිබෙනවා. හැබැයි රෝගීන් බැලීමට පැමිණිය හැක්කේ එක් අයෙකුට පමණයි. එක් අවස්ථාවක පමණයි පැමිනෙන්න පුලුවන්. එකත් අපි සීමා කරලා තියෙන්නේ විනාඩි 15ක් පමණ කාලයකට. කරුණා කරලා මේ උපදෙස් අනුව කටයුතු කරන්න. සායනික කටයුතු සඳහා පැමිණෙන විට ඒ කාලය අවම කරගැනීම සඳහා එම රෝගියා සමග එක් අයෙක් පමණක් පැමිනෙන්න. හැකි සෑම අවස්ථාවකම 1390 දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා වෙලාවක් වෙන්කර ගෙන පැමිණෙන්න. මෙම අංකය අමතා තම දරුවා සායනික කටයුතු සඳහා රැගෙන ආ යුතුද? නැද්ද? එහෙම තැතිනම් ප්‍රතිකාර වෙනස් කළ යුතුද නැද්ද? යන්න හෙදියක් හෝ වෛද්‍යවරයෙක් සම්බන්ධකරගෙන දැනගන්න පුළුවන්."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb