ශරීරයට අහිතකර වර්ණක අඩංගු සහල් ජාවාරමක්..අවධානයෙන් සිටින්න.
Rice
By Thaya
මිනිස් සිරුරට අහිතකර වර්ණක අඩංගු සහල් ඇතුළු ධාන්‍ය වර්ග අලෙවි කිරීමේ ජාවාරමක් ප්‍රදේශ කිහිපයක කළ වැටලීම්වලින් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්ව තිබේ.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, පොල් තෙල්වලට ද විවිධ රසායන ද්‍රව්‍ය මුසුකර අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවය.
කළුතර, ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කවල මෙම ජාවාරම දැඩිව ක්‍රියාත්මක වන බව ද ඔහු පෙන්වා දෙයි.
උත්සව සමය වෙනුවෙන් ලබන 28 වැනි දා සිට දීපව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ ය.