ඉදිරි පැය 48 තීරණාත්මකයි...කොවිඩ් මර්දන බළකායෙන් අනාවරණයක්.

Covid-19
By Thaya Mar 01, 2021 06:12 PM GMT
Report

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමේදී මන්නාරම හා අම්පාරේ කාත්තන්කුඩිහි හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කර ඇතැයි කොවිඩ් මර්දන බළකායේ ජ්‍යෙෂ්ඨයකු අනාවරණය කළේය. මේ අනුව ඉදිරි පැය හතළිස් අට ඇතුළත භූමදානය සම්බන්ධ මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිත බවත් හෙතෙම අවධාරණය කළේය. මේ අනුව ජල මට්ටම පහතින් ඇති ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර එහිදී මන්නාරම හා කාත්තන්කුඩි තෝරාගෙන ඇත. මෙම හඳුනාගත් ප්‍රදේශවල ජල මට්ටම මීටර් 15 දක්වා පහළින් පිහිටා ඇතැයි හඳුනාගෙන තිබේ. පෙරේදා (27) දින වනවිට කොවිඩ් මරණ 464 ක් මෙරටින් වාර්තා විය. ඒ අතරින් 120 දෙනකු මුස්ලිම් ජාතිකයන්ය.