පිළිකා කාරක අඩංගු ආහාර ගැන තවත් බරපතළ හෙළිදරව්වක්

Carcinogens
By Thaya Apr 04, 2021 03:49 PM GMT
Thaya

Thaya

Report

ශරීරයට අහිතකර සංයෝග අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීමත් සමඟ රටේ ජනතාව තුල දැඩි විමසිලිමත් භාවයක් ඇතිවී තිබෙනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න පවසන්නේ ඇෆලටොක්සින් නැමැති ශරීරයට අහිතකර සංඝටක අඩංගු තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය ඇති බවත් ඒ ගැන හෙළිදරව් කළහොත් එම සමාගම් බිඳවැටීමට ඉඩ ඇති බවයි. පොල්තෙල් පමණක් නොව ටින් මාළු ඇතුළු ආහාර වර්ග රැසක් මෙයාකාරයෙන් පසුගිය කාලයේදී රටට ගෙන්වා තිබියදී නැවත ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු සිදුකළ බවයි. මෙවැනි කටයුතු සිදුකරනු ලබන ආයතන වලට දැඩි දඬුවම් පමුණුවන්න අවශ්‍ය නීති සකස් කළ යුතු බවයි ඇය මෙහිදී සඳහන් කර සිටියේ.