නිල්වලා ගඟට පැන්න තරුණියගේ සිරුර ගොඩගැනීමෙන් පසු තවත් පිරිමියෙක් ගඟට පනී.

Police Matara
By Thaya Mar 25, 2021 07:37 PM GMT
Thaya

Thaya

Report

නිල්වලා ගඟේ පාවෙමින් තිබියදී අද (24) දහවල් හමු වු මල සිරුර මාතර කැකණදුර ප්‍රදේශයේ 29 හැවිරිදි විවාහක කාන්තාවකගේ බවට හදුනා ගෙන ඇත. ඇය ඊයේ (23) උදෑසන 8.00 පමණ තම දරුවාට බෙහෙත් රැගෙ ඒමට ෆාමසියට යන බව පවසා නිවසින් පැමිණ රෑ වන තෙක්ම නැවත නොපැමිණි බවට මව පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි. මිය ගිය කාන්තාවගේ සැමියා නාවික හමුදාවේ සේවය කරන බව කියති. මාතර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

මේ අතර අද හවස 6.20ට පමන එම ස්ථානයෙන්ම තවත් පිරිමි පුද්ගලයෙක් ගඟට පැන තිබෙන බව වාර්තා වනවා. මේ පිළිබඳව මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. ගඟට පැන්න තරුණියගේ සිරුර ගොඩගන්නා අවස්ථාවේ අප වෙත ලැබුණ දර්ශන ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න.