අධිකරණ කටයුතු සීමා කෙරේ
covid 19
court
u.r.silva
By Sewvandhi
පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා කර තිබේ. ඒ අනුව සැකකරුවන් හා චූදිතයින් අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවෙන බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.
මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ දැනට පවතින කොවිඩ් ව්‍යාප්තිය අධික වීමයි
ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාදිතයන් 1,662 ක් වාර්තා වුණා. ඉන් වැඩිම පිරිස වන 329 වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එමෙන්ම කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික්කවල ආසාදිතයින් 300 සීමාව ඉක්මවා වාර්තා වුණ බවයි සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....