කොරෝනා වෛරසයේ නව ප්‍රභේද මෙරට ඇත්දැයි සොයා පර්යේෂණ ඇරඹේ

Corona Virus
By Thaya Jan 22, 2021 07:19 PM GMT
Thaya

Thaya

Report

මෙරට තුළ යම් හෝ කොවිඩ් නව ප්‍රභේදයක් සංසරණය වන්නේ ද යන්න ඉදිරි දින කිහිපයේ දී හෙළිකළ හැකි බව ඒ පිළිබඳව පර්යේෂණ පවත්වන කණ්ඩායමේ සාමාජිකයෙක් වන වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

එසේ නව ප්‍රභේද තිබේද එසේත් නැතිනම් ප්‍රභේද වල යම් වෙනසක් සිදුව තිබේද යන්න පිළිබඳ ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

General Sequencing යන ක්‍රමවේදය ඔස්සේ එම පර්යේෂණ සිදුකෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ,

“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපගේ විද්‍යාගාරයේ මේ වන විට "ජෙනරල් සික්වන්සින්" පරීක්ෂණ පටන්ගෙන තියෙන්නේ. පරික්ෂණාගාරයට රටේ විවිධ ප්‍රදේශවලින් මේ වනවිට ජෛව සාම්පල ලැබිලා තියෙන්නේ. ඒ පරීක්ෂණ හෙට දිනයේ සිට ක්‍රියාත්මක වෙනවා. දින 3 - 4ක් යන විට අපිට මෙහි වාර්තා ලැබෙයි. වාර්තා ලැබුණු විගස අපි සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, වසංගත රෝග විද්‍යා ආයතනයටත් දැනුම් දෙනවා. මම හිතන්නේ මේ සික්වන්සින් කරලා පස්සේ අපි මේ සියලුම දත්ත ඩේටා බේස් එකට එක් කරනවා. එතකොට දක්නට ලැබෙයි. දැනට සංසරණය වන නව ප්‍රභේද තියෙනවද නැත්නම් ප්‍රභේද වල කිසියම් වෙනසක් තියෙනවාද යන්න ඉදිරි දින කිහිපය තුළ අපිට ලබා දෙන්න පුළුවන්.“