බාහිර උපාධි අපේක්ෂකයින්ගේ ගැටළුව කඩිනමින් විසදන්නැයි ඉල්ලීමක්?
බාහිර උපාධි අපේක්ෂකයින්ගේ ගැටළුව කඩිනමින් විසදීමට කටයුතු කරන්න යැයි සංචරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලයි. 2016 – 2020 දක්වා බාහිර උපාධිය ලබා ගැනීමට අයදුම් කර ඇති අපේක්ෂකයින් සියලු දෙනා ඒ සදහා බදවා ගැනීමට රජය අපේක්ෂා කළ ද තවමත් එය ඉටු වී නොතිබීම ගැටළුවක් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලය නීළ වශයෙන් ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (01) පැවති උත්සවයේ දී ඇමතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.
මෙරට බාහිර උපාධි පාඨමාලා සදහා විශ්ව විද්‍යාල වලට අභ්‍යන්තරව බදවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවට සමාන පිරිසක් මුලින් බදවා ගැනීමට තීරණය කර තිබු අතර පසුව එය දෙගුණයක් දක්වා වැඩි කෙරිණ. පසුව ශිෂ්‍යන්ගේ ඉල්ලිම හේතුවෙන් 2014- 2015 සහ 2016 අධ්‍යන වර්ෂවල සියලු බාහිර උපාධි අපේක්ෂකයන් බදවා ගැණුනු අතර 2016 න් පසු බදවා ගැනීම් අත්හිටුවා ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී ජනාධිපතිවරයාගේත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේත් අවධානය යොමු වූ බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යා ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ ඉල්ලීමට කන් දුන් සේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම බාහිර උපාධි අපේක්ෂකයන්ගේ ගැටළුවට විසදුමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව කීවේය.
මේ සම්බන්ධයෙන් තමන් අවස්ථා ගණනාවක දී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවත්, ගැටළුව විසදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් දුන් බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.