සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් රජය හදිසියේ කරන විශේෂ ඉල්ලීමක් !!!

Government Education
By Thaya Jan 26, 2021 06:10 PM GMT
Report

පාසල් ආරම්භයත් සමග දිස්ත්‍රික් අතර හා පළාත් අතර ගමනාගමනය අවම කිරීමට හැකිතාක් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය සියලු සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල පිහිටා තිබුනද ලගම ඇති පාසලට යොමු වී තාවකාලිකව අධ්‍යාපනය ලැබීමේ පහසුකම් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ පවතින තත්වය හමුවේ කලාප අධ්‍යක්ෂකවරයාගේ අවසර ඇතිව ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද මෙම අවස්ථාව හිමි වන බවයි.

ඒ අනුව සිසුන්ට සහ ගුරුවරුන්ට ළගම ඇති පාසල හා සම්බන්ධවී ඉගෙනුම් සහ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව හිමිවනු ඇති.