පාසල් සිසුවකු අතුරුදහන් සොයා දෙන්නයි මව ගෙන් ඉල්ලීමක්

Police
By Thaya Mar 20, 2021 07:26 PM GMT
Thaya

Thaya

Report

බම්බලපිටිය – ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16ක සිසුවෙකු නිවසින් අතුරුදන්ව ඇතැයි ඔහුගේ මව පවසනවා. රත්මලාන – දහම් මාවතේ පදිංචි ඇල්ඩන් ඩෙවොන් කෙනී නැමැති 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවා ඊයේ පෙරවරුවේ නිවසින් පිටව ගොස් ඇති අතර, මේ වනතුරුත් නිවසට පැමිණ නැහැ. එම සිසුවා සාමාන්‍ය ඇඳුමකින් සැරසී පෙරවරු 6.30ට පමණ මොරටුව දෙසට ගමන් කරන අයුරු සී.සී.ටී.වී. දර්ශනයක දැක්වෙනවා. මෙම සිසුවා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 077 3779850 දුරකතන අංකයට දැනුම්දිය හැකියි