ඉන්දියාවට ගිය සේරුවිල නාහිමියෝ එරටදී කොරෝනා වැලදී අපවත් වේ…

Sri lanka Religen Meththaarama naahimi Seruwila mangala rajamaha wiharaya
By Aruna May 13, 2021 07:58 AM GMT
Aruna

Aruna

Report

සේරුවිල මංගල රජමහා විහාරාධිපති හා දොම්පෙ පාළුගම භාවනා අසපුවේ ප‍්‍රධාන අනුශාසක නැෙඟනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක කථිකාචාර්ය පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමිපාණෝ ඉන්දියාවේදී කොවිඞ් ආසාදිතව අපවත් වී වදාළහ.

අපවත් වනවිට 62 වැනි වියේ පසු වූ මෙත්තාරාම නාහිමියෝ ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාවට වැඩම කර සිටියහ.

සේරුවිල මංගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ සේරුවිල සරණකිත්ති නාහිමිපාණන් අපවත් වීමෙන් පසු උන්වහන්සේ එහි විහාරාධිපති පදවියට පත්වූහ.

සේරුවිල කේන්ද්‍රකොට නැෙඟනහිර බෞද්ධ උරුමයන් ආරක්ෂාකර දීමට මෙත්තාරාම නාහිමියෝ වහන්සේ කැපවූහ. ශල්‍යකර්මය සිදුකිරීමට පෙර උන්වහන්සේ මෙලෙස කොවිඞ් ආසාදනයට ලක්ව අපවත්වී ඇති බව වාර්තා වී තිබේ.

පවතින අනාරක්ෂිත තත්ත්වය හමුවේ උන්වහන්සේගේ ශී‍්‍ර‍ දේහය ලංකාවට රැගෙන ඒමක් සිදු නොකර එරට දීම ආදාහනය සිදුකිරීමට බොහෝදුරට ඉඩ ඇති බව විහාරස්ථ ආරංචි මාර්ග සඳහන් කරයි.

ති‍්‍රකුණාමලය – සමන් මල්ලවාරච්චි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now