බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

Kelaniya Religen Bak ful moon poyadat
By Aruna Apr 26, 2021 02:26 AM GMT
Aruna

Aruna

Report

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. සම්බුද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස බක් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාවට සුවිශේෂි වෙයි.

බුදුරජණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවන්නේ ද බක්පුර පසළොස්වක පොහොය දිනයකවීම විශේෂත්වයකි. චූලෝදර සහ මහෝදර යන නාරජ දෙදෙනා අතර ඇති වූ ගැටුම සමතයකට පත්කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කරනු ලැබුවේ අද වැනි පොහොය දිනකයි.

සිදුහත් කුමරු, සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වු මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක් පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

මේ අතර ආගමික වතාවත් සිදු කිරීමේදී නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන මෙන් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න  ගගන whatsApp,වෙත පිවිසෙන්න. 

https://chat.whatsapp.com /FyKaWymvhCiD7E7LmDHGtb