හුදකලාවෙන් නිදහස් කෙරුණු ග්‍රාම සේවා වසම්
කුරුණෑගල සහ අම්පාරේ ග්‍රාම සේවා වසම් 64ක් හුදෙකලාවෙන් නිදහස් !!
කුරුණෑගල දිස්ත්‍රික්කයේකුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 82 න් මතු කියැවෙන ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 හුදෙකලාභාවයෙන් ඉවත් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළා. ඒ අනුව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ කුලියාපිටිය නගරය, අස්වැද්දුම, මීගහකොටුව, දික්හැර, දීගල්ල, කබලෑව, කිරින්දව, අනුක්කනේ, ඉහල කලුගමුව, වෙරලුගම, තබ්බෝමුල්ල, දණ්ඩගමුව බටහිර, දණ්ඩගමුව නැගෙනහිර, මඩකුඹුරුමුල්ල, ඉහළ වීරඹුව, පහළ වීරඹුව, කෝන්ගහගෙදර, තුන්මෝදර සහ කැටවලගෙදර යන ග්‍රාමසේවා වසම් තවදුරටත් හුදෙකලාභාවයේ පවතිනු ඇති. එමෙන්ම,
අම්පාර දිස්ත්‍රික්කයේ
උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ග්‍රාම සේවා වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයෙන් නිදහස් කරන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....