බලහත් කාරයෙන් අල්ලා ගෙන ඇති දුම්රිය ඉඩම් දේශපාලන නායකයින්ගෙන් මුදා දෙන්න?
දුම්රිය රක්‍ෂිත ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති දේශපාලන නායකයින් ගැන වහාම ක‍්‍රියාමාර්ගයක් ගෙන එම ඉඩම් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට වහාම පියවර ගත යුතු බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම් කරු එස් .පී.විතානගේ මහතා පවසයි.
දුම්රිය රක්‍ෂිත ඉඩම් සම්බන්ධයෙන් නිසි බදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වන්නේ නම්, වාර්ෂිකව භාණ්ඩාගාරය විසින් දුම්රියට වෙන් කරන මුදල නැවත අයකර ගැනීමට හැකියාව ඇති අතර, දුම්රිය ධාවනය පවත්වාගෙන යෑම සඳහා වාර්ෂිකව දැරීමට සිදු වී ඇති වැය බර පියවා ගැනීමට හැකිවනු නොඅනුමානයි.
නමුත් අනවසරයෙන් දුම්රිය රක්‍ෂිත ඉඩම් පරිහරණය කරන දුම්රිය සේවකයින් වෙත්නම් ඔවුන් ඉවත් කිරීමේ ක‍්‍රමවේදයක් දුම්රියට ඇත. එනිසා ඇමති මණ්ඩල කමිටුව සොයා බැලිය යුත්තේ දශමයක තරම් විනාශයක් සිදුකරන දුම්රිය සේවකයින් ගැන නොව දුම්රිය දෙපාර්තමේන්තුවට අති විශාල හානියක් සිදුකරන දේශපාලන නායකයින් හා අනුගාමිකයින් සම්බන්ධයෙන් හා ආයතන සම්බන්ධයෙන් බවද එස්.පී විතානගේ මහතා පවසයි.
දුම්රියට විනාශය ගෙන දෙන අලිමග තිබියදී කූඹිගුල වැසීමෙන් ප‍්‍රයෝජනයක් නොවන බවද පෙන්වා දෙමු.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්‍ෂිත ඉඩම් වල අනවසරයෙන් පදිංචි වී සිටින දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගැනීම සඳහා කරුණු අධ්‍යානය කිරීමට ගාමිණී ලොකුගේ, ජනත බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම්.චන්ද්‍රසේන, අජිත් නිවාඞ් කබ්රාල් යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර ඇති බව දැන ගැනීමට ලැබුණි. ඒ අනුව මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ දිස්ත‍්‍රික් ඉංජිනේරු වරුන්, අධීක්‍ෂණ කළමනාකාර (මාර්ග) වරුන් ප‍්‍රාදේශීය ප‍්‍රධානීන් මගින්, දුම්රිය රක්‍ෂිත ඉඩම් වල තාවකාලිකව පදිංචි හා වගා කටයුතු කරන දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් තොරතුරු එකතු කරමින් සිටි.
ජනාධිපති තුමනි ,දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩිපුරම හානියක් සිදුකරන්නේ දුම්රිය සේවකයින් නොව ඔබතුමාගේ පක්‍ෂය ඇතුළු දේශපාලන නායකයින් හා ඔහුන්ගේ හිවතුන් විසිණි..
දේශපාලන බලය අයුතු ලෙස යොදාගනිමින් අනවසරයෙන් දුම්රිය රක්‍ෂිත ඉඩම් අල්ලාගෙන ස්ථීර ගොඩනැගිලි ඉදිකර ව්‍යාපාර පවත්වාගෙන යාමටත් ඔහුන්ගේ
අනුගාමිකයින්ගේ පදිංචිය සඳහා ස්ථීර ගොඩනැගිලි අනවසරයෙන් ඉදිකිරීමත් සිදු කරමින් ඇත. එමෙන්ම ඇතැම් නගරසභා, ප‍්‍රදේශීය සභා බලධාරීන් හා උපදිසාපති
වරුන්ද දුම්රිය රක්‍ෂිත ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන, දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු බදු ගෙවීමකින් තොරව ඔහුන්ගේ කටයුතු වලට යොදාගෙන ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉඩම් අක්කර 14000 කට වැඩි භූමි ප‍්‍රමානයක් ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු වලට යොදා ගෙන ඇත්තේ දළ වශයෙන් අක්කර 6000 කට අඩු ප‍්‍රමානයකි. ඉතිරි අක්කර 8000 ට වැඩි ප‍්‍රමානයයෙන් විශාල ප‍්‍රමානයක් ඉහත කී පුද්ගලයන් විසින් බලහතකාරයෙන් අල්ලාගෙන ඇත.
දෙපාර්තමේන්තුව සතු ඉඩම් වලට අදාලව බදු ලිපිගොනු 7500 ක පමණ ප‍්‍රමානයක් ඇත. ඉන් සක‍්‍රීය බදු ගොනු ඇත්තේ 1000 කටත් අඩු ප‍්‍රමානයකි.
මෙවැනි හේතූන් පිළිබදව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වන්නේ නම් නීතිය නිසියාකාර ක්‍රියාවට නැංවුව හොත් දුම්රිය දෙපාර්තුමේන්තුව ලාභ ලබන තත්ත්වයට බදු ආදායම් ලබා ගත හැකි බවත් අනවසර පදංචි කරුවන් ඉවත් කල හැකි බවත් විතානගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.
