වෙන්කල ආසන වල මුදල් ආපසු ගෙවයි..

Refunds
By Thaya Jan 06, 2021 04:39 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වසංගත තත්ත්වය ඇතිවීමත් සමගින් දුම්රියේ කලින් ආසන වෙන්කරවා ගෙන නියමිත දිනට ගමන් බිමන් යාමට නොහැකි වු මගීන් හට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව ආපසු ලබා ගත හැකිබව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

බොහොමක් මගීන් 2020 වසරේ ජනවාරි මස 07 වැනි දින සිට ඉදිරියට දුම්රිය ආසන වෙන්කළ මගීන් බොහොමක් කොරෝනා වසංගත තත්ත්වය ත් සමගින් දුම්රිය වීම හේතුවෙන් සිය වෙන් කල ආසන වලින් ගමන් බිමන් යාමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්වුහ.

මගීන් බොහෝ දෙනෙකු කොළඔ කොටුව ,මරදාන ,ගම්පහ ,වේයන්ගොඩ ,කුරුණෑගල ,මහනුවර , ගාල්ල මාතර යන දුම්රිය ස්ථාන වලින් මොබිටෙල් ජංගම දුර කථන මගින්ද ආසන වෙන්කර ගෙන තිබිණ.

එසේ අපහසුතාවයට පත්වු මගීන් සිය ප්‍රවේශපත්‍රය ලබාගත් දුම්රිය ස්ථාන වලට ගොස් සිය ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කිරීමේන් පසු අදාල ප්‍රවේශපත්‍ර ගාස්තුව ගෙවීමට මේ වනවිට පියවර ගෙන ඇතැයිද කසුන් චාමර මහතා පවසයි..