දිස්ත්‍රික්ක 03කට රතු නිවේදන නිකුත් කෙරේ..අවධානයෙන් සිටින්න.

Galle Mathara Whether Kaluthara Colombo
By Aruna May 14, 2021 05:41 AM GMT
Aruna

Aruna

Report

 ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150 ඉක්මවා ගිය වර්ෂාපතයක් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතර කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම, දොඩංගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

එමෙන්ම කොළඹ, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ද නායයෑම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ දෙහිඕවිට, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, අයගම, කලවාන, කුරුවිට, නිවිතිගල, රත්නපුර සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද නායයෑම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.

නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයන්ද වාර්තා වන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

කැලණි ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව ද සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now