සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් ගැන යුධ හමුදාවෙන් රතු එළියක්.

Army Internet
By Thaya Feb 12, 2021 05:43 PM GMT
Thaya

Thaya

Report

නිල ඇදුමින් සැරසුණු යුද හමුදා නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් කිහිප දෙනෙකු අතර ඇතිවන සිදුවීමක් සම්බන්ධයෙන් යුද හමුදාව මේ වන විට පුර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නෙවිල් ප්‍රේමරත්න ප්‍රකාශ කර සිටිනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශනයේ දී එහි දෙපාර්ශවයම අතර යම් ගැටලුකාරී තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකොට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අදාළ පාර්ශවයන් වෙත යොමු කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

නීතිගරුක මෙන්ම විනය ගරුක හමුදාවක් වන ශ්‍රී ලංකා යුද හමුදාව සෑම අවස්ථාවකදීම සිය නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් එවැනි ක්‍රියා සිදුකරනු ලබන අයවලුන් ගැන දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.