කොරෝනා මරණ ආදාහනය කිරීම නවත්වන්නැයි ප්‍රබල සංවිධානයකින් රතු එළියක්.

Corona Cremation
By Thaya Jan 26, 2021 06:09 PM GMT
Report

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සිව් පුද්ගල කමිටුවක් විසින් මෙම නිවේදනය නිකුත් කරමින් කියා ඇත්තේ කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ භූමදානය හරහා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය හෝ විද්‍යාත්මක මතයක් ඔප්පු වී නොමැති බවයි.

ඒ අනුව ශ්‍රීලංකාවතුළ ඒ ආකාරයෙන් ආදාහනය අනිවාර්‍ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම එය මානව හිමිකම් කඩ කිරීමක් ද වන බවයි.

ඇතැම් අවස්ථාවලදී අදාල වාර්තා වල නිරවද්‍යතාව තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකොට අදාල ආදාහන කටයුතු සිදුකිරීම් ගැනද මෙම කමිටුව අවධානය යොමුකර ඇත.

” කොවිඩ් ආසාදිත ව මිය යන අයගේ දේහයන් කළමණාකරණයට පත්කළ සෞඛ්‍ය අමාත්‍ය කමිටුවේ යෝජනා කඩිනමින් එළිදක්වමින් ආදාහනය අනිවාර්‍යෙ කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය වෙනස් කරනු ඇතැයි අපි අපේක්ශා කරමු”

ලෙසද අදාල සිව් පුද්ගල කමිටු නිවේදනයේ දැක්වේ.