මේ දිස්ත්‍රික්ක වලට රතු නිවේදන - සියලු පාසල් වැසීමට තීරණ - විශ්වවිද්‍යාල කටයුතු අඩපණ වෙයි

Report

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරලේ සහ පස්බාගේ කෝරලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව මෙන්ම නෝර්වුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර ඇත.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය කල් යයිද? බිහිසුණු කාලගුණය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව

පවතින අයහපත් කාලගුණයත් සමග මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම පාසල් අද දින වසා තැබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මදුපානී පියසේන ප්‍රකාශ කළේය.

එමෙන්ම, අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධීකාරිය පියවර ගෙන ඇත.

ලංකාවේ මුහුදු ප්‍රදේශ හදිසියේම කැළඹෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ලංකාවේ මුහුදු ප්‍රදේශ හදිසියේම කැළඹෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්