ලෝකයටම රතු නිවේදනයක් !!!

Red Alert
By Thaya Feb 27, 2021 06:47 PM GMT
Report

නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරි වසර කිහිපය ඇතුළත ගෝලීය උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක 1යි දශම 5කින් ඉහළ යනු ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ ජාත්‍යන්තර සංවිධානයක් විසින් කළ අධ්‍යයනයකදීයි. මෙම තත්වයට මුහුණදීමට ලෝකයට සිදුවුහොත් එය භයානක ප්‍රථිඵල අත්කර දිය හැකි බවටයි එමගින් අනතුරු අගවා ඇත්තේ.

එබැවින් දැන් සිටම ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ලොවපුරා රටවල් සූදානම් විය යුතු බවද අදාළ අධ්‍යයනය මගින් පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සඳහන් කර ඇත්තේ ගෝලීය උෂ්ණත්වය සම්බන්ධයෙන් කර ඇති මෙම අනතුරු ඇගවීම ලෝකයටම පොදු රතු නිවේදනයක් බවයි.

ගෝලීය උෂ්ණත්වය පිළිබඳ ප්‍රංශ සම්මුතියද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර ගෝලීය උෂ්ණත්වය ඉහළයාම පාලනය කිරීම සඳහා ලොවපුරා රටවව් ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.