කාළගුණයෙන් අදත් රතු නිවේදනයක්
Weather
By Thaya
ඉදිරි පැය කිහිපයේදී දිවයිනේ පළාත් රැසකට අදාල වන පරිදි ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විදයා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. මේ අනුව මධ්‍යම / සබරගමුව / බස්නාහිර / වයඹ / ඌව / සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක් ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
