ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පාඨමාලා සඳහා බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලඟදීම ඇරඹේ.

Education
By Thaya Feb 06, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

2018 වර්ෂයේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රථිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා සඳහා බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ මස 15 වනදා ආරම්භ වනවා. දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා 50 ක් සඳහා ශික්ෂණලාභීන් 4,253 දෙනෙකු බඳවා ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. පළමු අවස්ථාවේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන්නේ ඉකුත් වසරේ සැප්තැම්බර් මස

04 වනදා නිකුත් කෙරුණු ගැසට් නිවේදනය ප්‍රකාරව එක් - එක් පාඨමාලා සඳහා බඳවා ගැනීමට නියමිත දිස්ත්‍රික්ක කෝටා අගයට සමාන සංඛ්‍යාවක් වන පරිදියි. මේ වනවිට සම්මුඛ පරීක්ෂණවලට අදාළ කැඳවීම් ලිපි තැපැල් මගින් යොමු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. පවතින වාතාවරණය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්කරුවන්ට දැනුම් දෙනවා.

ReeCha