පස්සර බස් අනතුරට හේතුව මෙන්න.
පස්සරදී ඊයේ අලුයම සිදුවූ බස් රථ අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
“අනතුර සිදුවූ ස්ථානය අසල ඇති හෞතික හා පරිවේෂණීය සාක්ෂි පරික්ෂා කිරීමේ දී පෙනී යන්නේ රියදුරාට මේ බස් රථය පාලනය කර ගැනීමට හැකියාවක් තිබී නැහැ. කෙසේවෙතත් මේ බස් රථය සම්බන්ධයෙන් තාක්ෂණික පරික්ෂාවක් මෝටර් වාහන පරික්ෂකවරුන් විසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව සෑම අතින්ම අනතුරක් වළක්වාගැනීම රියදුරාගේ යුතුකම හා වගකීම වෙනවා.”
බස් රථ අනතුරින් එහි රියදුරා මියගොස් නොමැති බවට මේවනවිට අනාවරණ වී තිබෙන අතර ඔහු මේවන විට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
තුවාලකරුවන් දැනට පස්සර සහ බදුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබන අතර අදාළ අනතුරින් මරණයට පත් පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.