ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ඉහළයෑමට හේතුව මෙන්න.

Education Scholarship
By Thaya Feb 05, 2021 05:15 PM GMT
Thaya

Thaya

Report

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් බොහෝ පිරිසක් ඉහළ දක්ෂතා දැක්වීම ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු සීමාව ඉහළයෑමට හේතුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 2008 වසරේ නිකුත් කරඇති කඩඉම් ලකුණු සකස් කිරීමේ චක්‍රලේඛයට අනුව මෙම වසරේ කඩඉම් ලකුණු සකස් කර ඇති බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දෙයි. කළුතර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ බව කියා සිටියේ ය.

"මේ පිළිබඳව තිබෙන සත්‍යම තත්ත්වය තමයි ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දරුවන් ලබාගත්තු ලකුණු ඉහළ ගිහින් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පවත්වන සියලුම කතා නිවැරැදි නෑ. ඒවායේ සාවද්‍ය කරුණු තියෙනවා. ඒ වගේම 2017, 2018, 2019 සහ 2020 වසරවල ශිෂ්‍යත්ව කඩඉම් ලකුණුත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කරපු ශිෂ්‍ය සංඛ්‍යාවත්, පාසල්වල තිබෙන පන්ති සංඛ්‍යාවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා. ඒකෙන් ඔබ සියලුදෙනාටම සත්‍ය පැහැදිළි වෙයි." එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කපිල පෙරේරා මහතා තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්විය. "චෝදනාවක් තියෙනවා අධ්‍යාපන ලේකම්තුමා උපදෙස් දීලා තියෙනවා කියලා..,උත්තර පත්‍ර බැලීමේදී එතරම් තදින් බලන්න එපා, කොමා, ඇලපිලි ගණන් ගන්න එපා කියලා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්."