උපකාරක පන්ති ආරම්භ කිරීමට සුදානමක්

tutoring classes
By Thaya Jan 02, 2021 09:26 PM GMT
Thaya

Thaya

Report

පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍යා සුදත් සමරවිර මහතා සඳහන් කළේ, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපකාරක පන්ති ද කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවය.

කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

“පාසල් සිසුන්ගේ අධ්‍යාපනය පසුගිය අවුරුද්දේ, ඉතාමත්ම පසුබෑමකට ලක්වුණා. ඒ නිසා අපි ඉතාමත් ඉක්මනින් අධ්‍යාපනය ආරම්භ කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය සැලසුම් කටයුතු සිදුවෙනවා. සංවිධානාත්මකව දරුවන්ගේ පාසල් අධ්‍යාපනය 2021 වර්ෂයේ දී ආරම්භ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි ආකාරයකින් කොවිඩ් - 19 රෝගියෙක් පාසල් ශිෂ්‍යයින් අතර වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගුරුවරු අතර වෙන්න පුළුවන් හමුවුණොත් කොහොමද ඉක්මනින්ම අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ, අනෙක් අයගෙන් වෙන්කර තබා ගන්නේ කියන කරුණු සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් සොයා ගනිවි. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා නැවත නැවත වසන්නේ නැතුව දිගින් දිගටම පවත්වාගෙන යන්න. ඒ වගේම තමයි අපි දන්නවා උපකාරක පන්ති පැවැත්වීම එයත් අපේ අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්වෙලා තියෙනවා. ඒ උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහාත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපකාරක පන්ති පවත්වන දේශකවරුන්ගේ සංවිධාන සමග සාකච්ඡා කර අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදෙමින් සෞඛ්‍යාරක්ෂිතව උපකාරක පන්ති පැවැත්වීම සඳහාත් මාර්ගෝපදේශ සකස් කිරීම සිදුවෙමින් පවතිනවා. පාසල් වාරය 2021