පැවති පලාත් සභා නැවත පිහිටුවන්න යෝජනාව සම්මතයි.

Provincial Council
By Thaya Jan 02, 2021 06:39 PM GMT
Report

පැවති පළාත් සභා නැවත සක්‍රීය කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව එකී යෝජනාව ඉදිරියේදී ඉක්මනින්ම ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැමූ නිසා එම ආයතන සක්‍රීය තත්ත්වය පවත්වාගෙන යාමට මෙම තීරණය ගත යුතු බව එම පක්ෂයේ අදහසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂයකි.