ආණ්ඩුව පැත්තට කොඩිය වනන රතන හිමියන්..
Government
By Thaya
අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩු පක්ෂයට සහාය දීම සඳහා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ බව දන්නවමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පණිවුඩ ගණනාවක් යවා ඇති බවද දැන ගන්නට ඇත.
නමුත් ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක ආණ්ඩු පක්ෂයට නොසිටින බවද පැවසෙයි.
ආණ්ඩුවට තම සහාය ලබා දීමට කැමති බවත් ඒ අනුව ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙසත් ඉල්ලමින් රතන හිමියන් විසින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ලිපියක්ද යවා ඇතත් ඒ ගැනද ආණ්ඩු පක්‍ෂය සැලකිය යුතු ප්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තා වෙයි.