රන්ජන් හිර ගෙදරදි අලුත් වැඩකට අත තියයි

srilanka Ranjan ramanayake sl politics
By Sithumi Apr 29, 2021 05:13 PM GMT
Sithumi

Sithumi

Report

වසර 4 ක සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතා පොතක් ලිවීම සඳහා සූදානම් වෙමින් සිටී. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ සිරදඬුවම් විඳිමින් සිටින රාමනායක මහතා පොතට අවශ්‍ය තොරතුරු කුඩා කොළ කැබලි වල සටහන් කිරීම ඔහුගේ දෛනික කටයුතුවල එක් කටයුත්තක් වේ. ඒ හැරුණු කොට දිනපතා සිදුවන දේවල් පිළිබඳ සටහන් තැබීමද රාමනායක මහතා අතින් සිදු වන බවද දැනගන්නට තිබේ. තමා ලියන පොතට යොදන නම පිළිබඳව හෙළිදරව්වක් මේ වන තුරුත් රාමනායක මහතා විසින් කොට නොමැත. චිත්‍රපට නළුවෙකු , ගායකයකුද වන රාමනායක මහතා සිය පොත එළි දැක්වුවහොත් කතුවරයෙකු ලෙසද සිය නම සනිටුවන් කරනු ඇත. අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4 ක සිර දඬුවම් විදිමින් සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ද මේ වන විට අහෝසි වී තිබේ. රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් විපක්ෂ නායක, සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරයාගෙන්ද මේ වන විට ඉල්ලීමක්ද කර තිබේ.

Join now