රන්ජන් ගෙන් ජනපතිට ලිපියක්...රන්ජන්ට නිදහස ලැබෙයි???.

Police President Ranjan ramanayake Gotabaya rajapakshe
By Aruna Apr 25, 2021 04:30 AM GMT
Report

දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළහොත් ඔහුට ජනාධිපති සමාවක් හිමිවීමට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

රන්ජන් රාමනායකට ලබාදෙන සමාව සම්පූර්ණ සමාවක්ද කොන්දේසි සහිත සමාවක්ද යන්න මෙතෙක් තීරණය කොට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(4) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකදී කවර හෝ වරදකට වරදකරු කරන ලද තැනැත්තකුට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

රන්ජන් රාමනායක සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් පවසා තිබුණේ ඔහුට සමාව ප්‍රදානය කරන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ලදොත් ඉන්පසුව ඒ ගැන සලකා බැලිය හැකි බව ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දන්වා තිබිණි.

ඒ අතර රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට ඇමැති නාමල් රාජපක්ෂ පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගියේය.

එහිදී තමන් දෙන ලිපියක් ජනාධිපතිතුමාට බාරදිය හැකිදැයි නාමල් අමාත්‍යවරයාගෙන් රන්ජන් විමසා ඇත.

ඒ අවස්ථාවේ අමාත්‍ය නාමල් රන්ජන්ට කියා තිබුණේ එවන් ලිපියක් තමන් හරහා නොව බන්ධනාගාර බලධරයන් මගින් ජනාධිපතිතුමාට යොමු කරන ලෙසය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න  ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb