රන්ජන් නිරෝධායනයට යොමු කරයි

Quarantine Ranjan
By Thaya Jan 13, 2021 06:35 PM GMT
Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

එ අනුව ඔහු පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමුකර කරනු ලැබුවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිව් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (12) නියම කරනු ලැබුවා.

අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කළා.