බරපතළ සිරදඬුවම් විඳින රංජන්ට මාස තුනක නිවාඩුවක් ?

Ranjan
By Thaya Mar 07, 2021 08:56 PM GMT
Report

වසර හතරක බරපතළ සිර දඬුවමක් නියම කර බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් මාස තුනක නිවාඩුවක් ඉල්ලීමට විපක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව එම ඉල්ලීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එළඹෙන 09 වැනි දා කතානායකවරයාගෙන් ඉල්ලීමිට නියමිතව ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට මාස 03කට වැඩි කාලයක් පාර්ලිමේන්තු නොපැමිණ සිටීම සදහා පාර්ලිමේන්තුවෙන් නිවාඩු අනුමත කර ගත යුතුය.