රන්ජන් දිගටම හිරේ.. මෝසම අධිකරණයෙන් විසි කර දමයි

Ranjan
By Thaya Mar 22, 2021 05:09 PM GMT
Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර හතරක සිර දඬුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ලබා දුන් තීන්දුව යළි සලකා බලන ලෙසට ඉල්ලා මන්ත්‍රීවරයා විසින් සිය නීතිඥවරයෙකු මාර්ගයෙන් ගොනු කළ මෝසමශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.අගවිනිසුරුවරයා විසින් එම මෝෂම සලකා බැලීමට විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙත යොමු කර ඇති අතර එම විනිසුරු මඩුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ජනවාරි මස 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබුවා.එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙසට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසම මගින් ඉල්ලා සිටියා.