ඔබතුමා ජාතික වස්තුවක්….! ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගන්න…! – පැල්පොල විපස්සි හිමිගෙන් රනිල්ට ඇරයුම්…

By Wasantha Apr 18, 2021 05:23 AM GMT
Report

රනිල් වික්‍රමසිංහ ජාතික වස්තුවක් බවත් අත්දැකීම් බහුල පරිණත දේශපාලනඥයෙක් බවත් එහෙයින් එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය භාරගෙන පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසත් පූජ්‍ය පැල්පොල විපස්සි හිමි ආරාධනා කර තිබේ. හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල්ගේ 96 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැති උත්සවය අමතමින් එහිමියන් මෙම ආරාධනාව කර තිබේ. මෙම අවස්ථාව සඳහා රෝනී ද මැල්ගේ නිවසට රනිල් වික්‍රමසිංහ ඇතුළු සීමිත ආරාධිතයින් පිරිසක් සහභාගී වී තිබේ.