අහඹු පරික්ෂණ වලින් ආසාදිතයින් හමුවීමෙන් ප්‍රදේශ 05ක් හුදකලා කෙරේ.

Covid-19 Police
By Thaya Jan 09, 2021 05:49 PM GMT
Report

කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා.

ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 162 දෙනෙකු පසුගිය 04 වැනිදා පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

ඒ අතරින් 26 දෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර එය සියයට 16 ක ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයකි.

මේ හේතුවෙන් එම ආසාදිතයින් හඳුනාගත් මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම්වල මුම්මාන පන්සල් හංදිය, මුම්මාන මංසන්ධිය, කඩේවත්ත, වල්පොලමුල්ල, කවුඩුමුන්න යන ප්‍රදේශ හුදකලා කිරීමට පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබේ.