2000 දීමනාව වැඩි කරනවා.. ප්‍රමාණවත් නොමැති බව රජය පිලිගනී..?

curfew quarantine ramesh pathirana cabinet minister travel restriction
By Sewvandhi Aug 31, 2021 10:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති කාලසීමාවේදී අඩු අදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ප්‍රමාණවත් නොමැති බව රජය පිළිගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

පවතින අර්බුදකාරී තත්වය හමුවේ අඛණ්ඩව මූල්‍ය සහන ලබාදීම රජයට ප්‍රබල ගැටලුවක් බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා විසින් උපදෙස් දුන් බවද රමේෂ් පතිරණ මහතා මෙහිදී අනාවරණය කළා.

මූල්‍ය විනය දැඩිලෙස පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත උපදෙස් කිහිපයක් දුන් බවයි ජාතික පුවත්පතක අද සඳහන්ව තිබූ පුවතක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.

--------------------------------------------------------------------------------

මේ අතර, සතොස ආයතනයට රජයෙන් දැඩි බලපෑමක් ඇති බවත්, සතොස ආයතනය මේ වන විට පාඩු ලබන ආයතනයක් බවත්..මෙලෙස සීනි මිල ඉහළ පහළ යෑම නාටකයක් බවත් විශාල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් වී තිබෙනවා...එය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha