රඛිත රාජපක්ෂ ට ඇප

ARREST POLICE RAKITHA RAJAGIRIYA BAIL
By Sewvandhi Apr 20, 2021 12:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු රඛිත රාජපක්ෂ මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. ඔහු රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැරි බව  අධිකරණ වාර්තාකරු පැවසීය. වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රී 10.45 ට පමණ රඛිත රාජපක්ෂ ගමන් ගත් ජීප් රථට ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී ඇති බව සඳහන් වේ.

අනතුරින් මෝටර් රථයේ සිටි පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබුණි. තුවාල ලැබූවන් අතර ගැබිණි කාන්තාවක් ද සිටින බව පොලීසිය සඳහන් කළේය. කෙසේවෙතත් අනතුර සිදුවීමෙන් අනතුරුව රඛිත රාජපක්ෂ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති අතර ඔහුගේ හිසට තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කළ වැලිකඩ පොලිසිය අද දහවල් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ අදාළ පෞද්ගලික රෝහලේ රඳවා තැබීමට ද පියවර ගත්තේය. පසුව වැලිකඩ පොලිසිය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අනතුර පිළිබඳව කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් පෞද්ගලික රෝහල වෙත පැමිණ රඛිත රාජපක්ෂ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ

ReeCha