රජිව් යසිරු රිමාන්ඩ් කෙරේ
Sri lanka
fake news
cyber attack
rajeew yasiru
SLTT
By Sithumi
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති රජීව් මැතිව් යසිරු කුරුවිටගේ හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතන වල වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වූයේ යයි අසත්‍ය පුවතක් වාර්තා කළේ යැයි කියමිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියා සිටියේ සැකකරු විසින් සිදු කරන ලද එම ප්‍රචාරය හේතුවෙන් ජාතික ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයට අගතිදායක ලෙස බලපාන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |