රාජපක්ෂලාට ඇබැද්දියක් .සජිත් රනිල් එකතු වෙයි !
රාජපක්ෂ පවුලේ දේශපාලනය මේ වෙද්දී රනිල් සහ සජිත් ඉදිරියේ යටපත් වෙලා දරුණු කුණාටුවකට හසුවෙලා කියල ආරංචියක් යනවා.
පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැදමූලන කොට්ඨාසය පවා දිනා ගන්න බැරි උනා කියල අපි හැමෝම දන්නා කතාවක් නේ.
කොහොම හරි පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස එක්ක වෙන වෙනම සාකච්ඡා පවත්වලා තියෙනවා කියල තමයි ආරංච්ය.
ඉතින් ඒ කරපු සාකච්ඡා අතර තුර නාමල් රාජපක්ෂ සහ පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් එකිනෙකට පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරලා තියෙනවා .
මේ හැම එකක්ම අතරේ සජිත් පිල හා රනිල් පිල අවබෝධතා ගිවිසුමකට අත්සන් කරලා. ඒ නිසා නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු පක්ෂය සම්පූර්ණයෙන් ම අතරමං වෙලා තියෙනවා කියල තමයි ආරංචි වෙලා තියෙන්නේ .
මුලදී සාකච්ඡා කරපු විදියට මේ පාර්ශව තුන අතර සමාන හවුලක් නිර්මාණය වෙයි කියලා අනුමාන කරාට මේ වෙද්දී රාජපක්ෂලා සහමුලින්ම අත්හැර දාලා තියෙනවා කියල තමයි දැන ගන්න ලැබෙන්නේ.
