වී නිෂ්පාදනය 11.7%කින් ඉහළට
අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ මෙරට වී නිෂ්පාදනය පසුගිය යල කන්නයේ දී වී මෙට්‍රික්ටොන් මිලියන 2.2ක් දක්වා සියයට 11.7කින් වැඩි වී ඇති බව සදහන් වේ.
තවද මෙම වාර්තාවේ මෙම කන්නයේ දී ප්‍රමාණවත් ජල සැපයුමක් පැවතීම හේතුවෙන් වගා කරනු ලැබූ බිම් ප්‍රමාණය වැඩිවීම නිසා 2024 යල කන්නයට සාපේක්ෂව 2025 වර්ෂයේ යල කන්නයේ දී වී නිෂ්පාදනය වැඩි ව ඇති වග සදහන් වී තිබේ .
නමුත් 2024/2025 මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් මිලියන 2.62ක් වූ අතර එය 2023/2024 මහ කන්නයේ වී අස්වැන්නට සාපේක්ෂව සියයට 3.8ක පහත වැටීමක් බව වාර්තා වේ.
මෙම වී නිෂ්පාදනය පහත වැටීමට හේතු වී ඇත්තේ ගංවතුර හේතුවෙන් වී වගාවට හානිවීම, රෝග හා පළිබෝධ ආක්‍රමණ, ආදිය වේ.