දුම්රිය බලධාරීන් දුම්රිය හා දුම්රිය ස්ථාන විෂබීජ හරනයට පියවර ගෙන නෑ?
කෙටිදුර ,දුර ගමන් සේවා දුම්රිය හා දුම්රිය ස්ථාන පසුගිය ඔක්තෝඔර් මාසයෙන් පසු මෙතෙක් විෂබීජ හරණය කර කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන නැතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
කෙටි දුර හා දුරගමන් සේවා දුම්රියයන් බොහොමයක් ගමන් අවසානයේ දුම්රිය ස්ථානවලම ගාල් කෙරෙන බැවින් එම දුම්රියයන් කිසිවක් මෙතෙක් විෂබීජ හරණය කර නොමැති බැවින් දුම්රියයන්වල ගමන් ගන්නා මගීන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුවෙයි.
තවද දුම්රිය ස්ථානාධිපතිවරුනට හා එහි සේවය කරන්නන් හට සැන්සයිටර් හා අත්වැසුම් ද ලබා දී මට බලධාරීන් කටයුතු කර නොමැති බැවින් දැඩි අපහසුතාවයන්ට පත්වී තිබේ. මගීන් දුම්රිය ස්ථානවල රාජකාරී සදහා ගමන් කිරීමට පැමිණියත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දුම්රිය ස්ථාන විෂබීජ හරනය කිරීමට බලධාරීන් පියවර ගත යුතු වෙයි. නමුත් බලධාරීන් මෙතෙන් එවැනි ක්‍රියාමාර්ගයක් ද ගෙන නොමැති බැවින් දුම්රිය කාර්ය මණ්ඩල ය දැඩි අපහසුතාවයට පත්වී තිබේ.රාජකාරි සදහා දුම්රිය වල ගමන් කිරිමට දුම්රිය ස්ථානවෙත පැමිණෙන මගීන්ද දැඩි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර ගන්නා ලෙසද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.