නිරෝධායන රීති කැඩූ 12000ක් අත්අඩංගුවට..(VIDEO)
Police
Covid Sri Lanka
Quranten
By Aruna
නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පොතුවිල්, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිටි 31 හැවිරිදි අමෙරිකානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, පසුව අධිකරණය විසින් අදාළ සැකකරු ඇප බැඳුම්කරයක් මත මුදාහැර ඇති බවය.
එම නඩුව නැවත මැයි 28 වන දින පොතුවිල් අධිකරණයේ දී විභාගවීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ අතර ගත වු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 369 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට අද දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 12,112ක් බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |