ETF සහ EPF ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රශ්ණයක්..

Payments
By Thaya Feb 25, 2021 06:16 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් වසංගතය නිසා ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් සඳහා අඩුකළ වැටුපට අදාලව පමණක් සේවක අර්ථ සාධක අරමුදල් (EPF) සහ සේවක භාරකාර අරමුදල(ETF) සඳහා ගෙවීම් සිදු කරන්නට එහි කළමනාකාරිත්වය කටයුතු කිරීම සම්බන්ධයෙන් එහි සේවක සේවිකාවන් හා වෘත්තීය සමිති දැඩි විරෝධය පල කර තිබේ. මෙය තනිකරම රටේ නීතිය උල්ලංඝනය කිරීමක් බවද සාමාන්‍ය පරිදි වෙනදා ආකාරයටම සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල සඳහා ගෙවීම් සිදු කල යුතු බවටද වෘත්තීය සමිති පෙන්වා දෙති.මේ හේතුවෙන් විශ්‍රාම යාමේදී සේවකයන්ට විශාල පාඩුවක් සිදුවන බවද සේවකයෝ පවසති.

මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් ගෙවන වැටුප් හා දීමනා වලින් සියයට විසිපහත් පනහත් අතර ප්‍රමාණයක් කපා දමා ඇති බව වෘත්තීය සමිති කියා සිටිති. කෙසේ වෙතත් අඩු වැටුප් ලබන පිරිස් වලට වැටුප් අඩු කර නොමැත.

මේ අතර වැටුප් හා දීමනා ප්‍රශ්නයක් මත එක්තරා සේවක පිරිසක් නීතිමය පියවර ගනිමින් සිටින බවද පැවසේ.