තත්ත්වයක්..රැජින කිරුළ බලෙන් ගලවා දෙවැනියාට පලදවයි(VIDEO).. රූ රැජින පැන දුවයි..

Gossip
By Thaya Apr 05, 2021 07:30 PM GMT
Thaya

Thaya

Report

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජන අවසන් තරගය උණුසුම් තත්ත්වයකට පත්විය.

එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පලදවන ලද්දේ අගමැති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අය විසිනි.

කෙසේ නමුත් ඒ සමගම සභාවේ නොසන්සුන්තාවක් හටගත්තේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද අයෙක් නිසා ඇයට විවාහක රූ රැජිණ කිරුළ දැරිය නොහැකි බවටයි.

ඒ සමගම එම තරගයේ තීරකවරිය වන වර්තමාන විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජූරි වේදිකාවට නැග සඳහන් කළේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද නිසා විවාහක රූ රජින කිරුළ හිමි නොවන බවයි.

ඉන් පසු ඇය එම කිරුළ ගලවා දෙවන ස්ථානය ලබාගත් තරගකාරිය ට ලබා දෙමින් ඇය රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කළාය.

පුෂ්පිකා ද සිල්වා ලැජ්ජාවෙන් වේදිකාවෙන් ඉක්මනින් ඉක්මනින් බැස ගියාය.