නිරෝධායන නීති කැඩූ 448 කට වෙච්ච දෙයක්.

Covid Corona Police Sri lanka Agith rohana
By Aruna May 13, 2021 03:49 AM GMT
Report

නිරෝධායන නීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 448 දෙනෙකු ඊයේ (12) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව නිරෝධායන නීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 8,747 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර පළාත් සීමාවන් උල්ලංඝනය කිරීමට උත්සාහ කළ වාහන 145ක සිටි 229 දෙනෙකු පමණ ආපසු හරවා යැවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now