මසකට වැඩ කරන දින ගණනාවක් සේවයට නොපැමිණීමට රාජ්‍ය සේවකයන්ට වරම්

sri lanka public covid 19 jobs coverment
By Sewvandhi Apr 27, 2021 12:23 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් වන නව චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සේවකයින් ගෙන්වීමට අදාළ චක්‍රලේඛය අනුව හැකි වන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් අඛණ්ඩව සේවයට කැදවීම සඳහා මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛය ද අත්හිටුවනු ලබනවා.

පළමු සහ දෙවන කොරෝනා රැල්ල හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිවසේ සිට සේවා කටයුතු සිදුකිරීම, සියයට 50ක් සේවයට කැදවීම සහ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි නිලධාරීන් ගෙන්වීම වැනි ක්‍රමවේදයන් අනුගමනය කෙරුණා.

කෙසේ වෙතත්, නව චක්‍රලේඛයට අනුව නිවසේ සිට සේවා කටයුතු සිදුකිරීම, සියයට 50ක් සේවයට කැදවීම යන කරුණු දෙක ඉවත් කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi