අද සිට යළිත් මහජන ආරක්ෂක කමිටු

Police
By Thaya Feb 07, 2021 08:48 PM GMT
Report

ලෝකයේ දියුණු රටවල අපරාධ වැළැක්වීම සහ විවිධ අපචාරී ක්‍රියාවන් වැළක්වීමේ අරමුණින් හඳුන්වා දෙන ප්‍රජා පොලිස් ක්‍රමය නව මුහුණුවරකින් අද එළිදක්වන බව පොලිසිය පවසනවා. මහජන ආරක්ෂක කමිටු ලෙස නම් කර ඇති නව සංකල්පය යටතේ මහජනතාව සහ පොලීසිය අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. එහි සමාරම්භය මහරගම යොවුන් රඟහලේදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙනවා.