පලාත් සභා මැතිවරණය කල් යයි..කොරෝනා හොඳ විකෘතියක්.

Covid-19 Election Dullas Alahapperuma
By Thaya Jan 07, 2021 10:31 PM GMT
Thaya

Thaya

Report

රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය නොපවත්වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඔහු පවසන්නේ නව මැතිවරණ ක්‍රමයක් ඔස්සේ ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියා.

"මේ කොවිඩ් තත්ත්වය තුළදි මැතිවරණයක් තියන්න බෑ. මැතිවරණයක් තියන්න පරිසරයක් නෑ. ලංකාවේ තියෙන්නේ මැතිවරණ ක්‍රම 3ක්. පාර්ලිමේන්තු ඡන්දෙ තියෙන විදිහට නෙමෙයි පළාත් සභා ඡන්දෙ තියෙන්නේ. පළාත් සභා ඡන්දෙ තියෙන විදිහට නෙමෙයි පළාත් පාලන ආයතන ඡන්දෙ තියෙන්නේ. මේක හොඳ විකෘතියක්."